Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල නිවාඩු අවලංගු කෙරේ

පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස (06) වනදා සිට (15) දක්වා අත්හිටුවා තිබේ.

ඉන්දීය රජය මගින් මෙරටට ලබා දෙන මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර තොගය රැගත් නෞකාව ලබන 6 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

එම පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හා බෙදා හැරීම ජුලි 7 සිට 15 තෙක් සිදුකෙරෙන අතර එම කටයුතු වෙනුවෙන් මෙලෙස නිවාඩු අත්හිටවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , ජාතික පොහොර ලේකම් කාර්යාලය , ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරෙනු ඇති බවට වාර්තා වී ඇත.

Related posts

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ගැහුවොත් ගහනවා…

colombotoday

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

colombotoday