Colombo Today Local News

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

හැටන් නගරයේ ලංගම බස් නැවතුම්පළ අසල කුරියර් සේවා ආයතනයක් මගින් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා භාරගෙන තිබුණේ යැයි කියන ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර් 20 ක් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව 23 දින පොලිස් භාරයට ගෙන තිබේ.

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 12 ක් සහ කිලෝ 7.5 ගෑස් සිලින්ඩර් 08 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පාරිභෝගිකයන් විසින් හැටන් පොලිසියට කළ දැනුම් දීමක් මත හැටන් පොලිසියේ නිලධාරින් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමග එක්ව එම කුරියර් ආයතනයට ගොස් ගෑස් සිලින්ඩර් තොගය තම භාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසයි.

කුරියර් සේවා ආයතනයට ගෑස් සිලින්ඩර් ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීම සපුරා තහනම් බවත්, එම ආයතනයේ නිලධාරින්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානාධිපති රංග කරුණාරත්න මහතා කියා සිටි.

Related posts

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

colombotoday

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin