Colombo Today Local News

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාදවන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි.

ජූලි 6 වැනිදා මෙරට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟා වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

ඕමානයේ සිට මෙරටට ළඟා වන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගුවේ.

කමර්ෂල් පොහොර සමාගම පැවසුවේ ඉන්දීය ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි.

අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වය පාර්ශ්ව තුනක් මගින් විමර්ශනයට ලක්කෙරෙන බව ද එම සමාගම පෙන්වා දෙයි.

Related posts

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday