Colombo Today Local News

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

අධිවේගී මාර්ගයේ යතුරුපැදි ගමන් කිරීම තහනම්ව තිබියදී පොලිස් කොස්තාපල්වරයෙකු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිය මෝටර් සයිකලය පදවාගෙන ගොස් අනතුරක් කිරීම සම්බන්ධයෙන් ඊයේ (26)දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වන මොහොතේ බීමතින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මොහු බෙම්මුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙකු බව වාර්තා වේ.

සැකකාර කොස්තාපල්වරයා කොතලාවල පිවිසුමෙන් සිය යතුරුපැදිය දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර තිබේ. පසුව ඔහුට ඉදිරියට ගමන් නොකරන ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දී ඇති අතර ඉන්පසු ඔහු සිය යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කර තිබේ.

අධිවේගී මාර්ගයේ එලෙස කිලෝමීටර් දෙකක් පමණ සිය යතුරුපැදිය ධාවනය කර ඇති මොහු ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ගමන්ගත් කාරයක ගැටී ඇත. අනතුරින් කාරයට ද යතුරුපැදියට ද හානි වී තිබේ.

කෙසේ වෙතත් ඔහු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු ඊට පසුපසින් විරුද්ධ තීරුවේ පැමිණි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයේ රූපගත කර තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල් අද (27)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සැකකරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන බව සපුගස්කන්ද පොලිසිය කියයි.

සේවා මුරය නිම වීමෙන් පසු පොලිස් ස්ථානයට නොදන්වා මොහු මෙලෙස අධිවේගී මාර්ගයේ පැමිණ තිබේ.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin

දෙසැම්බර් 9වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා – බැසිල්

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday