
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන ගොස් ඒවා කැබලි කර විකුණා හෙරොයින් පානයට පුරුදු වූ පුද්ගලයකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස සොරා ගත් යතුරුපැදි හතරක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මිලිග්‍රෑම් 5,500ක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මත්තේගොඩ, මහරගම, දෙහිවල සහ කොට්ටාව යන ප්‍රදේශවලින් සොරා ගත් යතුරුපැදි මෙසේ සොයාගෙන ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com