World

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ළිඳ සුද්ද පවිත්‍ර කිරීමට එක් අයකු ළිඳට බැස ඇති අතර, විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් එම තැනැත්තා සිහිසුන් වී තිබේ. පසුව ඔහු බේරා ගැනීමට තවත් හත් දෙනකු ළිඳට බැස ඇති අතර, ඔවුන් ද සිහිසුන් වෙද්දී, සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණ සියලු දෙනා ගොඩට ගත් නමුත් පළමුවෙන් ළිඳ තුළට ගිය තැනැත්තා සහ ඔහු බේරා ගැනීමට ළිඳ තුළට ගිය හත්දෙනාගෙන් සිවු දෙනකු මියගොස් සිටි බව පැවැසෙයි. ඉතිරි තිදෙනා රෝහල්ගත කර ඇත.

Related posts

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

චීන ජාතික කොඩියට අපහාස කළ හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරි තරුණයා ට සිරදඬුවම්

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

ගින්දර සමග සෙල්ලම් කරන්න එපා – චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday