Colombo Today Local News

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

අද (30) සිට ජූලි 10 වැනිදා දක්වා කොන්සියුලර් අංශයේ සේවා සැපයීම, දින තුනකට සීමා කර ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මහජන සේවා සදහා කොන්සියුලර් අංශය විවෘත කෙරෙන බවයි.

රට තුළ පවතින වත්මන් තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ද විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද මහජනතාව සඳහා විවෘත කෙරෙන්නේ, සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි.

Related posts

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලා

Admin

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin