Colombo Today Local News

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

බණ්ඩාරගම වල්ගම  සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේ දී   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන්  ෙදපිරිසක්

අතර ඇතිවූ ගැටුමකින්  පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 

මෙම ගැටුමෙන් නිවසක දොර ජනෙල්වලට ද  බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි. 

එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයකුගේ  නිවසෙහි සාදයක් පවත්වා ඇති අතර එම සාදයට පානදුර ප්‍රදේශයේ  ඔහුගේ මිතුරන් කීපදෙනෙකු ත්‍රි ෙරා්ද රථ දෙකකින් පැමිණ සහභාගි වී ඇතැයි පොලිසිය කියයි.

පිරිස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මාර්ගයට පැමිණ මාර්ගයේ යන එන වාහනවල පුද්ගලයන්ට තර්ජනය කර ඇති අතර මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයෙකු ද එම අවස්ථාවේදී යතුරු පැදියෙන් යමින් සිටියදී මත්පැන් පානය කර සිටි පිරිස එම යතුරුපැදිය නවතා ඔහුට ද පහරදී  තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි 

පහරකෑ එම පුද්ගලයා නිවස වෙත ගොස් තියුණු ආයුධයක් ගෙන සිය සහෝදරයා සමඟ සාදය   පැවැත්වූ නිවස වෙත පැමිණ එම නිවසේ දොර ජනෙල් වලට පහර දෙද්දී සාදයට සහභාගි වූවන් ද පෙරළා එම පුද්ගලයාට සහ සහෝදරයාට පහරදී  දැඩි කලහාකාරී ලෙස   හැසිරී ඇතැයි පොලිසිය කියයි 

තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. 

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එස් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න විසෙදෙන්නේ නෑ – මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියයි

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි !

colombotoday