Colombo Today Local News

හැටන් ආපන ශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් – හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් සිදු වි වෙලදසැලට (29) දින හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

(29) දින උදැසන 8.30ට පමණ පිපිරිම සිදු වු බවයි එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේ.

තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, (29) දින උදැසන ආහාර පිසිමින් සිටියදි ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

මේ අතර දින ගණනාවකට පසුව හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් වෙත ගැස් සමාගම විසින් සිමිත ගැස් බෙදා හරින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් – රන්ජිත් රාජපක්ෂ

Related posts

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday