Colombo Today Local News

රන්ජන්ට ඉගෙනීමට දුන් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගිහින්

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබේ.

මෙි අතර සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබේ.

තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක මහතා සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ මෙහිදී පවසා තිබෙන බවද එම පුවත්පතේ සඳහන් කරයි.

තමා පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවද රන්ජන් රාමනායක මහතා පැවසු බවද සඳහන් වේ.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර මෙම පුවත පිළිබඳව රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ “හිරගෙදර ඇතුළේ තවමත් දේශපාලන පලිගැනීම් ඉවරයක් නැති බවයි ”

Related posts

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday

ප්‍රවේසම් වන්න – ශ්‍රී ලංකාවේ අයිසීස් ත්‍රස්ථවාදීයෝ 75ක් රහසේ වැඩ – බුද්ධි අංශ සිදු කළ හෙළිදරව්ව…!!!

colombotoday