Colombo Today Local News

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

කොළඹදී අද (4) දිනයේ පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (ජූනි 3) කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ හෙවත් රතිඳු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

පුද්ගලයින් ඒකරාශී කර ගනිමින් කොටුව පොලිස් වසමේ එන්.එස්.ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්.එස්.ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් මංසන්ධියේ සිට යෝර්ක් වීදිය, ලේඩි බැස්ටියන් පාර දක්වා ත් මුදලිගේ මාවත, රෝහල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, චැතම් වීදිය, කැනල් පාර යන ප්‍රධාන මාර්ගවල සහ එහි ගමන් ගන්නා මහ ජනතාවට, වාහනවලට හා මාර්ගයේ දෙපස ඇති පදික වේදිකා අවහිර කරන උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

හැංගි මුත්තන් කල වේදෙනිගම විමලතිස්ස හිමිට විරුද්ධව අපේ ජන බල පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග – පක්ෂ සම්මේලනයේදී අනුමතයි

colombotoday

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday