Colombo Today Local News

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

වෙහෙරගල,ගම්මාන හත ප්‍රදේශයේ නිවසක් තුල අද (09)දින ඇතිවු ආරාවුලක් දිගදුර ගොස් සිය බාල සොයුරාගේ හිසට පොල්ලකින් පහරදි ඝාතනය කිරිමෙන් පසුව සැකකාර වැඩිමහල් සොයුරා පැමිණ භාරවු බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙම ආරවුලින් මිය ගොස් ඇත්තේ අංක 130,ගම්මාන 07,වෙහෙරගල යන ලිපිනයේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර(34)නැමති පුද්ගලයෙකි.

මියගිය මෙම පුද්ගලයාත් ඔහුගේ 53 හැවිරිදි සැකකාර සොයුරාත් එකම නිවසේ පදිංචිකරැවන් බව පොලිසිය කියයි.

සැකකරැ මිට පෙර සිදුකරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 12 ක් බෝගම්මබර බන්ධනාගාර ගතව පසගිය නොවැම්බර් මස 30 වැනිදා නිවසට පැමිණ පුද්ගලයෙකි.

බෝගම්බර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය වැළදුණ රෝගින් ඇසුර කර තිබු නිසා මෙම සැකකාර සොයුරාත් ඔහුගේ මියගිය සොයාරාත් නිවස තුලම ස්වයං නිරෝධනයට ලක්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවද පොලිසිය සදහන් කළේය.

මොවුන් දෙදෙනා අතර අද(09)දින අලුයම එකට පමණ සිදුවු ආරාවුලක් නිසා සැකකාර වැඩිමහල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට පහරදි තිබේ.එම පහර දිමෙන් පසුව බාල සොයුරා එම ස්ථානයේම මිය ගොස් තිබුණි.

සිද්ධිය වන අවස්ථාවේදි මොවුන් දෙදෙනාම බිමත්ව සිටි බවත් ඔවුන් දෙදෙනාටම මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවද පොලිසිය පවසයි. තඹුත්තේගම පොලිසියට පැමිණ භාරවි තිබේ.

ඔහු අද(09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Related posts

ලක්ෂ අටකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin