Colombo Today Local Newsextremism & terrorism activities

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විරුද්ධ උද්ඝෝෂණයක් අද (12) කොළොඹ ඇමරිකානු තානාපති කාර්යාලය එදිරිපිට පැවැත්වුනා. ඒ ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසිලම නම් කිරීමට විරෝධය දක්වමින් තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී කල්ලියක් විසින් බවයි වාර්තා වෙන්නේ.

මෙම තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස සැලකෙන අබ්දුල් රාසික් නමැත්ත මීට ඉහත දෙවතාවක් සිරදඩුවම් නියමවූ අතර මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. ඒ බුදු රජාණන් වහන්සේ මිනිමස් වැළඳුවායැයි අපහාස කිරීම සහ තිසරණය ඇතුළු මහා සංඝරත්නයට අපහස කිරීම පිලිබදව කොළඹ අලුත්කඩේ අධිකරණයේ විභාගවෙන නඩු දෙකකදීය.

මුස්ලිම් සමාජය අන්තවාදය කරා රැගෙන යන බවට මොවුන්ට විරුද්ධව සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව ඇතුළු මුස්ලිම් නායකයින් අවස්ථා කිහිපයකදී චෝදනා කර සිටියා.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

Admin

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday