Colombo Today Local News

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

141211181809_rajitha_senaratne_640x360_bbc

වැට් බද්ද ඉහළ දැමීමට යෝජනා කෙරෙන නව සංශෝධිත කෙටුම්පත ක්‍රියාත්මක කරන්නේ මාස නමයක කාලයක් සදහා පමණක් බවත්, ඉන්පසු බදු ක්‍රමය සරල කොට සහන ලබාදීමට කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කළුතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය සේවා ක‍්‍රීඩා උත්සවය සඳහා සහභාගි වූ අවස්ථාවේදීයි.

ඉකුත් රජය විසින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකර මහා භාණ්ඩාරගාරයට පිටතින්ද ණය ලබාගෙන තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි ප්‍රතිඵලයක් ලෙසින් රුපියල් ට්‍රිලියන් 1.3 ක ණයක් ගෙවීමට සිය රජයට සිදු වී තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එම ගිණුම් පිළිබඳව සොයා බැලුවා. එහිදී අනාවරණය වුනා ට්‍රිලියන 1.3 ක් ශ‍්‍රී ලංකා ජනරජය ණය ගෙවීමට තිබෙන බව. එම නිසා තමයි මෙම වැට් බදු ප‍්‍රශ්ණය මතු වුණේ.” එහෙත් එය ආණ්ඩුව මුහුණ දෙන තාවකාලික ගැටලුවක් පමණක් බවද අවධාරණය කළේය.

Related posts

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

තවමත් පදිංචියට නොගිය සබීතාගේ හිස් බිල්ඩිම, කෘෂිකර්මයේ මිලියන 828ක් ගිලලා !!

colombotoday

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday