Colombo Today Local News

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්


ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ දී අධි තාක්ෂණික නෞකාවක් නිෂ්පාදන කර තිබේ.

නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම අධි තාක්ෂණික නෞකාව මගින් ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකළ හැකිය.

දිගින් මීටර් 105 ක් සහ පළලින් මීටර් 13.6 ක් වූ මෙම අති නවීන නෞකාවේ සමස්ථ ඇස්තමේන්තුගත නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 74 ක් පමණ වේ. ටොන් 2350 ක ධාරිතාවයකින් යුක්ත නෞකාවේ හෙලිකොප්ටරයක් ද රඳවා තබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, මෙහි නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇති අතර, නාවික සැතපුම් 4,500 ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුය.

 

Related posts

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday