Colombo Today Local News

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.

ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ(05) උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා, ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර සේවා, විකිරණ පරීක්ෂණ ඇතුළු අංශ රැසක රෝගී සත්කාරක සේවා අඩාල විය.

මේ අතර ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේය.

ඒ අනුව, ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

Related posts

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

මහ සෙනගක් නුවරට ඇදෙයි… රතන හිමිට සහයට රට පුරා උපවාස !

colombotoday

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

colombotoday