Colombo Today Local News

අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතා

Talatha atukoralaවසර 05ක් සදහා ජනතාව ලබාදුන් බලය තවත් වසර 15ක් යන තෙක් නොවෙනස්වන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මයි පවසයි.

නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ පැවති එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගීවෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරිය “අපේ නායකයෝ හොරකම් කළේ නැහැ. පවුල් වර්ධනය කළේ නැහැ. හිරිකිතයක් නැතුව පා ගමන් යන්නේ ආණ්ඩුවෙන් වැරැද්දක් වෙලාද, එදා වගේ ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද, එදා වගේ අධිකරණයේ ස්වාධීනත්වය නැද්ද, එදා වගේ පොලීසිය දේශපාලනීකරණය වෙලාද, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලාද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය තමන් ගැන පමණක් හිතලා වැඩකටයුතු කළ යුගය නිමා කරලා හරි ගමනක් යනකොට ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් එකඟතාවයෙන් පක්ෂ බේදයකින් තොරව ප්‍රධාන පක්ෂ දෙකම එකට එකතුවෙලා රට ගොඩ දාන වැඩපිළිවෙල කරනකොට මොන විදියට හරි ආපහු බලය ලබා ගන්න උත්සහ කරනවා. මම වගකීමකින් කියනවා මේ අවුරුදු පහ පමණ් නෙවෙයි තව අවුරුදු 15ක් ගියත් මේ ආණ්ඩුව හොල්ලන්න අපි ඉඩ තියන්නේ නැහැ”යි පැවසීය.

Related posts

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණය

colombotoday

සහරන්ගේ මල්ලි හිටියේ ගැබිණි වාටුවේ? හකීම්ගෙන් ඉල ඇදෙන පිළිතුරක්

colombotoday

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

හිටපු කොටින්ට නිදහස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති නිවස ඉදිරිපිටත් උපවාසයක් අරඹයි

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin