Covid 19

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට ඊයේ (06)දින හඳුනාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම දානමය පිංකම පවත්වා තිබුණි.

ඊට සහභාගී වූ සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව සෙසු පිරිස PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පොළොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ පස්වරුවේ සිට නගරයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණි.

මේ වනවිට කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Related posts

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday