Colombo Today Local News

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(06)දින පැවති නිලවරණය සඳහා වූ රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, චාල්ස් නිර්මලනාදන් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරු ද තේරි පත්විය. මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද තේරි පත්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික යනාදී සෑම අංශයකින්ම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය මෙම සංගමයේ සිය සභාපතීත්වය යටතේ තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන්ම මෙරටට ප්‍රංශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධනය සදහා ශ්‍රී ලංකා – ප්‍රංශ ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

Related posts

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණය

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin