Colombo Today Local News

කතෝලික පල්ලිවල ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් ගැන තොරතුරු රැසක් එළියට

ළමයින් දෙලක්ෂයකට වැඩි පිරිසක් 1950 වසරේ පටන් ප්‍රංශයේ කතෝලික පල්ලි තුළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව අසන්නට ලැබීමත් සමග ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වේදනාවට පත්ව ඇතැයි වතිකානය ප්‍රකාශ කරයි.

මෙසේ අපයෝජනයට ලක් වූ ළමයින් 216,000ක් අතරින් වැඩි දෙනෙක් පිරිමි ළමයින්ය. අපයෝජකයන් 2900 – 3200ත් අතර පිරිසක් අනාවරණය වී ඇත.

Freed spech නම් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසන්නේ විශ්වාසය, සදාචාරය මෙන්ම ළමයින් පාවාදීමක්ද මෙහිදී සිදුව ඇති බවය.

මෙම විමර්ශනයෙන් හෙළිදරව් වී ඇති පරිදි මෙලෙස වින්දිතයන් බවට පත්ව සිටින ළමුන් සංඛ්‍යාව 330,000ක් පමණ දක්වා ඉහළ යා හැකිය. Freed spech සංවිධානය පෙන්වා දෙන්නේ මෙය ප්‍රංශ ඉතිහාසයේ ‘හැරවුමක්’ විය හැකි හෙළිදරව්වක් බවය. ‘‘මේ වින්දිතයන් වෙනුවෙන් අන්තිමේදී ආයතන මට්ටමෙන් යම් පිළිගැනීමක් ඇතිවෙලා…’’ යනුවෙන් ඔවුන් පවසා ඇත.

වතිකානයේ ප්‍රකාශයට අනුව පාප් වහන්සේ මේ පිළිබඳ දැනුවත්ව ඇත්තේ පසුගිය දිනවල ප්‍රංශයේ බිෂොප්වරුන් හමුවීමෙන් අනතුරුවය.

පල්ලිය මෙම ස්වාධීන පරීක්ෂණය දියත් කළේ වර්ෂ 2018දීය. පරීක්ෂනයට වසර දෙකහමාරක් පමණ ගත විය. එම කාල සීමාව තුළදී විමර්ශකයන් පොලිස් වාර්තා, අධිකරණ වාර්තා, සිද්ධස්ථාන වාර්තා ආදිය අධ්‍යයනය කර ඇත. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සමගද සාකච්ඡා කර තිබේ. මෙම බොහෝ සිද්ධීන් ප්‍රංශ නීතිය හමුවට ගෙන ඒමට තරම් කල් ගත වී ඇති බවද මෙහිදී හෙළිදරව් වී තිබේ.

Related posts

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

colombotoday

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday