Colombo Today Local News

අනතුරකින් සිසුන් 13ක් රෝහලේ… ප්‍රවාහන පහසුකම් නොමැති සිසුන් 37ක් ලොරි රථයේ ගමන් කරලා…

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටී ඊයේ (30) උදැසන මෙම අනතුර සිදුවී ඇත.

එම අවස්ථාවේදී සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූ සිසුන්ව ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව සිසුන් තිදෙනෙකුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

එක් සිසුවෙකුගේ පාදයට අනතුරින් දැඩිව හානි සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

colombotoday

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday