Colombo Today Local News

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

mannar 2

මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පූජකවරයාට එරෙහිව විරෝධතාවය පළකරමින් සමස්ථ ලංකා හින්දු සම්මේලනය සහ ප්‍රදේශයේ හින්දු ජනතාව අද මන්නාරම තිරුකේතීශ්වරම්හී දී උද්ඝෝෂණයක නිරතව සිටින බව වාර්තා වනවා.

තිරුකේතීශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුකේතීශ්වරම් හින්දු කෝවිලට අයත් ඉඩමක් මන්නාරම රදගුරු රාජයප්පු ජොශප් පූජකවරයාගේ අනුදැනුම මත ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර මහ රෑ හොර රහසේ එම ඉඩමේ කිතුණු දේව පිළිරුවක් ස්ථාපිත කර ඇති බවයි විරෝධතාවයේ නිරත හින්දු සම්මේලනය චෝදනා කරන්නේ.

‍මේ වන විට අදාළ ඉඩමට ඔප්පුවක් ලබා දෙන ලෙස ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවද වාර්තා වනවා.

රදගුරුවරයාගේ සහ ඇමති ජෝන් අමරතුංගගේ බලය හමුවේ මන්නාරම හින්දු ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස බලකරමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙන්නේ.

මිට වසර පහළවකට පමණ පෙර මන්නාරමේ බහුතරයව සිටි හින්දු ජනතාව මේ වනවිට සුළුතරය වී ඇති බවත්, යුද්ධයට හා සාමයට මුවාවී බෙදුම්වාදී රාජයප්පු ජෝශප් ප්‍රමුඛ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හින්දු ජනතාව බිළිබාගෙන ඇති බවත් පවසන හින්දු සම්මේලනය රායප්පු ජෝශප් ඇතුළු හින්දු සමාජය විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී මූලධර්මවාදී බලවේගවලට එරෙහිව ඉදිරිපත් වන ලෙසද හින්දු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

mannar3mannar 1

Related posts

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

colombotoday

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

colombotoday

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday