Colombo Today Local News

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

කිලිනොච්චිය,පරන්තන්, උමයාල්පුරම් හි අබිලි යකඩ කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස (07) දිනසිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාකළ අතර එහිදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.

මෝටාර් උණ්ඩවලට අමතරව හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිසිය පැවසීය.

පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.

මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලිකිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

හමුවු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

Related posts

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නියමිතව තියෙද්දී ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Admin

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

බොරැල්ල පොලිසිය ගැන විශ්වාසයක් නෑ. ළමයි වැඩට ගෙනියන බ්‍රෝකර්ලාට ගහලා පන්නන්න. – රිෂාඩ්ගේ නිවසේ පිච්චුනු දැරිය වතුකරය රත් කරයි

colombotoday

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

colombotoday

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

colombotoday