Colombo Today Local News

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල තලගස්පේ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුටද පොලිස් වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙම සැකකරු මීට පෙර මිනිමැරුම්,ස්ත්‍රී දූෂණ ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයකු බවද කියති.

ඔහුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පිටිගල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට කැත්තකින් පහරදී තුවාල සිදුකර ඇති අතර සිද්ධිය සැලවිමත් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යද්දී සැකකරු පළායාමට උත්සාහ දරා ඇති අතර එම වෙඩිපහරට ලක්වූ සැකකරුද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට පිටත්කර යැවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

-ලංකාදීප-

Related posts

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

colombotoday

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin