World

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ්හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන්, අගමැති ධූරය සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුවට කඩා වැද ඇති බව ය.

සාදර්ගේ දේශපාලන සන්ධානය පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත්, ඡන්දයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය බලාත්මක නොවූ බව එම වාර්තාවල දැක්වේ.

පාර්ලිමේන්තුවට ඇතුළු වීම වැළැක්වීම සඳහා පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වී තිබේ.

පාර්ලිමේන්තුවට ඇතුළු වූ විරෝධතාකරුවන් ගී ගයමින් සහ නටමින් සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාකයේ වත්මන් අගමැති මුස්තාෆා අල්-කදිමි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස ය.

ඔක්තෝබර් මාසයේ මැතිවරණය පවත්වා මේ වන විට මාස 9ක් ගත වී තිබුණ ද තවත් ඉරාකය නව රජය පිහිටුවීමට අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාකයේ අමෙරිකානු මැදිහත්වීමට විරුද්ධ වූ ෂියා පූජකයෙකු වන සාදර්, මැතිවරණයෙන් පසු ඔහුගේ ජාතිකවාදී සේරවුන් ව්‍යාපාරයේ ජයග්‍රහණය ප්‍රකාශ කර තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එසේ වුව ද සාදර් සිය ප්‍රතිවාදීන් සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එතැන් සිට නව පාලන සභාගයක් ගොඩනැගීමට නොහැකි වූ බව ය.

Related posts

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

colombotoday