Colombo Today Local News

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ.

පෙරේදා (25)දින මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති අයකි.

පෙරේදා (25) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.

රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන ශ්‍රීලාල් ඉන්ද්‍රජිත් දිසානායක හමුවේ මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මියගිය පුද්ගලයා එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසය. එසේම විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත. දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා ඇත්තේ සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවකි.

එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවයි.

පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවද දියණිය පවසා ඇත.

කෙසේ වෙතත් පවුලේ සාමාජිකයන් ඔහු පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලබාදීමටත් ඡායාරූප ලබාදීමටත් මැළිකමක් දක්වා ඇත. ඒ ඔවුන්ට තර්ජනයක් එල්ල වේයැයි යන සැකයෙනි.

Related posts

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin