World

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාව තහනම් කරයි

ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.

ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග කිවෙය් හිදී පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු රුසියානු ජාතිකයන් සංඛ්‍යාව 843ක් බවත් සඳහන් කළේය.

එමෙන්ම, ඇ.ඩො.මිලියන 68ක් වටිනා නව ආධාර පැකේජයක කොටසක් ලෙස යුක්රේනයට බුෂ්මාස්ටර් 20ක් සහ යුක්රේනය ඉල්ලා සිටින ඩ්‍රෝන යානා වැනි අනෙකුත් තාක්ෂණික උපකරණ ලබාදෙන බව ඇල්බනීස් පවසා ඇත.

Related posts

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday