World

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

ඇන්රොයිඩ් මෙවලම් 9ක් සිය “Play Store” එකෙන් ඉවත්කිරීමට Google කටයුතු කර තිබේ. එම මෙවලම් හරහා බාගත කිරීම් මිලියන 5.8ක් පමණ සිදුකර තිබුණි.

Google එවැනි පියවරක් ගෙන ඇත්තේ එම මෙවලම්වල ඇති කේතයක් ඔස්සේ ෆේස් බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම් කර ඇති බවට පර්යේෂකයින් සොයා ගැනීමෙන් අනතුරුවය.

මෙම තොරතුරු හෙළිකර ඇත්තේ පරිඝණක වෛරස්වලට එරෙහිව ක්‍රියාකළ හැකි මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන Dr Web නම් සමාගමයි.

එය සිදුකර ඇත්තේ මෙසේය. පළමුව පරිශීලකයින්ට සියලුම මෙවලම් විවෘත කරගැනීමට අවස්ථාව ලබාදෙයි. ඉන්පසු “මෙවලම්වල ඇති වෙළෙඳ දැන්වීම්” ඉස්මතුවීම වැලැක්වීමට නම් නැවත ෆේස්බුක් වෙත පිවිසෙන ලෙස දන්වයි.

ඒ ආකාරයට සිය මුරපද නැවත නැවතත් භාවිත කරනවිට එම තොරතුරු හැකරුන් ට ලැබෙයි.

PIP Photo, සහ Processing Photo පරිශීලකයින් ප්‍රවේසම් වියයුතු ඇන්රොයිඩ් මෙවලම් දෙකක් ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙති. අනෙක් මෙවලම් වන්නේ Rubbish Cleaner, App Lock Keep, App Lock Manager, Lockit Master, Horoscope Pi, Horoscope Daily සහ Inwell Fitness.

Related posts

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin