Colombo Today Local News

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කරන ලදී. 

මේ අනුව හෙට දිනයේ ( 06) පාර්ලිමේන්තුව පෙ.ව 10.00 රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයක් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයන්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩිකිරීමට අදාළ යෝජනාවක්ද   විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.  

අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත. ඉන්පසු දිනය වන ජූලි 07 වනදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2 ක්ද  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

මේ අතර එදින ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත. ජූලි 08 වන දින පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත , ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත, ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති  නියෝග විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත. මේ අතර ජූලි 09 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා  පැවැත්වීමට මෙහිදී තීරණය විය.

තවද පාර්ලිමේන්තුව රැස්වන දින හතරෙහිදීම  පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කොට ඇති අතර සිකුරාදා (09) හැර අන් දින තුනේදීම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කාලය වෙන් කර ඇත. 

මෙම රැස්වීමට සභානායක සහ  විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, එම්.යූ.එම් අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර  දිසානායක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද  සහභාගී වූහ.

Related posts

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

ඇගපුරා තුවාල.. මස් කපන්නේ වැසිකිළියේ.. කල් ඉකුත්වූ කෑම.. මේ හෝටලෙන් කැවොත් අබ සරණයි !

colombotoday

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

රෝගය රටට ඇවිත් වසර එක හමාරකට වැඩි කාලයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුවෙන් තියෙන්නේ කයිවාරුයි පම්පෝරි විතරයි..

colombotoday

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday