Colombo Today Local News

බාලවයස්කාර දැරිය අපයෝජන කළ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අත්අඩංගුවට

ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීම, මිලදී ගැනීම හා ඊට අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අද (6)දින අලුයම අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි.

මීට අමතරව දැරිය විවිධ පුද්ගලයින් වෙත රැගෙන ගිය තවත් 33 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ (05)දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (06)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 34 කි.

දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයේ, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, චීවරධාරියෙක්, නැවක කපිතාන්වරයෙක් සහ කපිතාන්වරයාගේ සහයකයෙක් ද වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියගේ මව සහ දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ ද වේ.

මේ අතර දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම පළ කළ වෙබ් අඩවියේ අයිතිකරු එහි මුදල් කළමනාකරු මෙන් ම දැන්වීම පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු සහ දැරිය අපයෝජනය සඳහා හෝටලයක කාමරයක් ලබා දුන් හෝටල් කළමනාකරුවෙක් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

තව ද දැරිය යම් යම් පුද්ගලයින් වෙත සැපයූ ත්‍රිරෝද රථයක රියැදුරෙකු සහ මෝටර් රථ රියැදුරෙකු දැරිය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.

ගල්කිස්ස පොලීසිය විසින් අන්තර්ජාලය ඔස්සේ මෙම බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ 35 හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය ජුනි 7 වනදා ය.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දැරිය රඳවා ගෙන ඇයගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ කරමින් ලිංගික කටයුතු සඳහා අලෙවි කර තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යංශය සහ ශ්‍රී ලංකා පොලීසියේ සියලුම විමර්ශන කාර්යංශයන් එක්ව මෙම සිද්ධියට අදාළව තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බවයි.

මේ අතර ලිංගික කටුයතු සඳහා ළමුන්, කාන්තාවන් අලෙවි කරන (කුට්ටනය) කරන වෙබ් අඩවි පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර එවැනි වෙබ් අඩවි තහනම් කර ඒ්වායේ හිමිකරුවන් සහ දැන්වීම් පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය කියාත්මක කිරීමට ඊයේ (5)දින පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related posts

කැමරාවක් ගත් පමණින් මාධ්‍යවේදියෙක් වෙනවද ? – ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන

colombotoday

මධුෂ්, අමල් ඇතුළු පිරිස ඉදිරි දින කිහපයේදී ලංකාවට පිටුවහල්…

colombotoday

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

colombotoday

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

colombotoday