Colombo Today Local NewsHot News

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

මීගමුව ජෙට්වීන්ග් ලැගෝන් හෝටලයේ අද පැවැත්වීමට සූදානම් කර තිබූ “බුද්ධ බාර්” සාදය අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අදාල සාදය ‍බෞද්ධ සංඛේත ඉවත් කර සාමාන්‍ය අයුරින් පැවැත්වීමට සංවිධායකයන් තීරණ කර ඇති බවයි පැවසෙන්නේ. මෙම සාදය අත්හිටුවීමට අදාල සංවිධායකයන් තීරණය කර ඇත්තේ ඒ පිළිබදව විමසීම් කරමින් දිගින් දිගටම දුරකථන ඇමතුම් ලෑබි අති බැවිනි.

මේ අතර බොදු බල සේනා සංවිධානයට ද මේ පිළිබදව ලැබුණු තොරතුරුවලට අනුව අදාළ සාදය පැවැත්වෙන අවස්ථාවට පිරිසක් සහභාගී වීමට සූදානමින් සිටි අතර මීට වසර කිහිපයකට පෙර වාද්දූව සංචාරක හෝටලයකදී පැවැත්වීමට සූදානම් වූ “බුද්ධ බාර්” නමින් හැදින්වෙන මත්පැන් සාදයක් එම සංවිධානයේ පිරිස් මැදිහත් වීමෙන් නවතා දැමීමට හැකී වූවා. එහි තිබී “නිර්වාණය” ලෙස නම් කර තිබූ මෙනු පතක් සහ බෞද්ධ සංඛේත මුද්‍රණය කර තිබූ අත් පිස්නා සොයාගනු ලැබුවා.

මෙම සාදයේ තොරතුරු සොයාබැලීම සදහා COLOMBOTODAY.COM වාර්තාකරුවකුද සහබාගීවූ අතර මෙම සිදුවීම පිළිබදව අදාල මීගමුව සංචාරක හෝටලයේ බෞද්ධ සේවක මහතුන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවයි අප වෙත දැන ගැනීමට ලැබුණේ. එම සාදය සංවිධානය කර තිබුනේ රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සමීප හිතවතුන් පිරිසක් බවටද අප වෙත තොරතුරු ලැබී තිබිනි.

අප වාර්තාකරු විසින් ලබාගත් වීඩියෝව

[mom_video type=”youtube” id=”bqmGWulHGIg”]



 

 

 

Related posts

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

සක්විති ට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Admin

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday