Colombo Today Local News

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

මධුමාධව අරවින්දපිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රචාරක ලේකම් මධු මාධව අරවින්ද මහතා එම පක්‍ස මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අපි දැක්කා රජයේ මාධ්‍ය ඉතාමත් සතුටුව පිබිදිලා තියෙනවා අපේ රටේ නායකයින් G7 සමුලුවට යන විට මෙතෙක් ලෝකයේ කිසිම නායකයෙක්ට නොලැබුණු පිළිගැනීමක් ලැබුණා කියලා. මට මතකයි අපේ රට අවුරුදු 30ක යුද්ධයක් තිබුණු සමයේ දී නිර්දේශපාලිකව යුද්දෙට නායකත්වය දුන්නු මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිවරයා සම්බන්දව සියළු පක්ෂ නියෝජනය කරපු සියළු දෙනාම කිවුවා එතුමා ඉන් එහාට ලංකාවෙන් පිටවෙන කොට රටේ ලෝකයේ නායකයින් බලන්නට ගත්තා කවුද මේ වෙනස්කල මිනිසා. එදා මේක මවිතයක් වුණේ නෑ. ඕනැම කෙනෙක්ට ඔහුව බලන්න කැමැත්තක් ඇතිවෙන්න පුළුවන්. අද මෛත්‍රීපාල ජනාධිපතිවරයා එහෙම යද්දි පිළිගන්නේ ඇයි. තමන්ගේ හදවතට අනුව මොකක්ද එතුමා කරලා තියෙන්නේ? මෙහෙම බදාගෙන පිළිගන්නේ මොනවා කලාටද? මේ රටට මොනවා හරි කලා නම් ඔබට අපිට පෙන්න තියෙන්න ඹ්නේ එක තමයි අපි අහන්නේ තමන්ට කියලා දේශපාලන පක්ෂයක් නැතිව තමන් නියෝජනය කරන පක්ෂය පාවා දීලා තමන්ට විරුද්ධ මතදාරින්, රට වින කරපු මතදාරින් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටවපු නිසා ඔය විදිහට පිළිගන්නේ. එහෙම නැත්නම් ජනතාව විසින් එපා කියපු කුජිත දේශපාලකයින් කැබිනට්ටුවට දාගත්තු නිසා ද ඔය විදිහට පිළිගන්නේ. එහෙමත් නැත්නම් පෙර නොවු විදිහට රුපියල බාල්දු කරලා තමන්ගේ ආර්ථිකය ඒවගේම සියළුම කන බොන තැන ඉදලා වාහන මිල දක්වා මේ කරපු මගඩි අස්සේ රට පරිපාලනය නොකරපු බලා ගෙන ඉන්න කොට එක පාරක් තාප්පයක් හදපු නැති එකටද පිළි ගන්නේ. රටට නිදිහස දිනා දුන් ඒ රණවිරුවන් හිර ගෙවල් වල ගාල් කලාටද මෙහෙම පිළිගන්නේ. තමන්ගේ රටේ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න දීලා තමන්ව බලයට පත් කරපු ඒ අන්තවාදීන්ගේ හිත සතුටු කලාටද පිළිගන්නේ. බටහිරෙන් ආපු න්‍යාය පත්‍රයට අනුව ස්වාමින්වහන්සේලා හිරගත කලාටද පිළිගන්නේ. ඉතාමත් වේගයෙන් හමුදා කදවුරු කිසිවෙක් ගෙන් රාජ්‍ය ආරක්ෂාව ගැන නොවිමසා ගලවලා දමනවාටද මේ පිලිගන්නේ. මිනිස්සු සමහරක් බැරිම තැන මේක කියනවා අද අපේ රට පාලනය කරන්නේ පඔයෙක් කියලා. මම කරුණාකරලා කියනවා ඒක ඉල්ලා අස්කර ගන්න කියලා පඔයෙක් කියන්නේ කපුටන් බය කරන්න එක තැනක සිට ගෙන සිටින නිකන්ම නිකන් සිද්ධියක් පමණයි. මේ පඔයෙක් නෙවෙයි රූකඩයක්. පඔයට වඩා රූකඩය භායානකයි. අපි ඔය පිළිගන්නේ ඔය රූකඩයව ආම්බාන් කරන අත් විදේශයට වෙලා බලා ඉදලා ඔන්න එනවා අපිට ඹ්න විදිහට නටවන්න පුළුවන්, පක්ෂයක් නැති,කොන්දක් නැති, රටේ අනාගතය ගැන කිසිම සිහිනයක් නොදකින අපිට ඹ්න විදිහට අපි ලියලා දෙන දේ කියවන නායකයාව පිළිනොගෙන කරන්න දෙයක් නෑ. ඔහු තවදුරටත් පඔයෙක් නොවන වගත් ඔහු රූකඩයක් බවත් අපි දැනගෙන හිටියා. ඒක නිසා ඒ රූකඩයේ අත් ඔහුව හසුරුවන අත් කවුද කියලා හෙළිදරව් කීරිම අපිට පැවැරුනු වගකිමක් කියලා අපි මතක් කරනවා.

අපිට සතුටුයි එතුමා එක තැනකදී පෙන්නනවා ජනවාරි අට වෙනිදා ලොකේට එදා එතුමා ගියා නම් අපි මෙච්චර පෙන්වන්නේ නෑ. මොකද ග්‍රමසේවකවරයෙක් රටේ ජනාධිපතිවෙන එක අමාරුකාරියක් නොවන බව එතුමා පෙන්නුවා. හැබැයි දැන්වෙන්නේ ඒක නෙවෙයි ජනාධිපතිවරයෙක් ග්‍රමසේවකවරයෙක්ටත් එරෙහිව එහා ගිය රූකඩයක් බවට පත් වීමත් ආමාරු නැති බව එතුමා පෙන්වමින් ඉන්න එකයි මේ සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ G7 නෙවෙයි චී කැත කියලයි අපිට කියන්න තියෙන්නේ. අපි මේ රටෙන් අහනවා මොකක්ද මේ උණුසුම් පිළිගැනිමට එතුමා මේ රටට අපිට කරපු මේ රටේ හෙටට කරපු කාරණය පුළුවන්නම් පැහැදිලි කරලා දෙන්න අපි හිස නමනවා.

අපි දකිනවා නැගෙනහිර ප්‍රශ්නය සම්බන්දව හැම මාධ්‍යයක්ම කෙලින් ඉදන් කතා කලා. සයිබර් අවකාශය සහ වෙබ් පිටු සරසන්නන් කෙලින්ම ඇත්ත ප්‍රකාශ කලා. හපිස් නසර් සම්බන්ද දෙයක් කියන්න ඹ්නේ. මම දැක්කා සතියක් ගිහින් තියෙනවා තාම වචනයක්වත් කතා කළේ නෑ. මට කියන්න තියෙන්නේ එතුමගේ දේශපානය ගැන අපිට ලොකු කියවිමක් නෑ. එතුමගේ නායක හකීම් සම්බන්දයෙනුත් මම දකින්නේ දේශපාලකයෙකුට වඩා අන්තවාදියෙක් විදිහටයි. නමුත් ඔහු කළේ සමස්ථ මුස්ලිම් ප්‍රජාවට මේ රටේ මධ්‍යස්ථ මුස්ලිම්වරයාට පවා පිළිකුල් සහගත ක්‍රියාවක්. එතුමන්ලගේ පැත්තෙන් ලොකු ලොකු කතාවල් යනවා. ඔහුට දැන් මරණ තර්ජන තියෙනවාලු සිංහල සමාජයෙන්. මට හිතෙනවා පුද්ගලිකව මට හිතෙන කාරණාවක් මේක. මහ ඇමති බයවෙන්න එපා අමනකම් කලාට එහෙම කරදරයක් වෙන්නේ නෑ. මොකද මේ වෙසක් මාසේ ඊලගට පොසොන් මාසය මේ රටේ වෙසක් පොසොන් මාස වල හරක්වත් මරන්නේ නෑ. ඒක නිසා බයක් වෙන්න එපා. හැබැයි ඔබේ දේශපාලන මතය ඔබේ අමන ක්‍රියාව මරණයට ලක් කරන්න අපි සුදානම්ව ඉන්නවා.

– අරවින්ද අතුකෝරල

Related posts

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීනුයි හිස්බුල්ලා යි ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ මුජිබර් රහුමාන් | නීතියට අවනත නැති නම් රටින් පිටුවහල් කරන්න යෝජනාවක්

colombotoday

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්

Admin

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday