Colombo Today Local News

ඇමති සැප සමග විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට !

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවට සම්බන්ධකර ගෙන ඇමැති ධුර ලබාදීම සඳහා ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම මේ දිනවල මෙහෙයුමක්‌ දියත් කර තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම පිරිස ආණ්‌ඩුවට එක්‌කර ගැනීමටත් ඒ සඳහා ඔවුන්ට ඇමැති ධුර ඇතුළු නොයෙකුත් වරප්‍රසාද ලබා දීමටත් ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ශ්වය එකඟ වී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය. එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කර ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කිරීම පිළිබඳ අප්‍රසාදය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක්‌ ද මෙසේ ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද ඉහත මන්ත්‍රීවරයා කීවේය.

– දිවයින

Related posts

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය කල් තැබේ

Admin

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

SAITM ගැසට් කළෙත් මමයි.. අධිකරණ තීන්දුව ගැන එස්.බී සතුටින් !

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday