Covid 19

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ (07) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 532 අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ. ඒ ආසාදිතයින් 226ක් ලෙසය.

ඒ අනුව කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 27 දෙනෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.

මීට අමතරව බ්ලුමැන්ඩල් 23ක්, දෙමටගොඩින් හා අවිස්සාවේල්ලෙන් 19ක්, බොරැල්ලෙන් 12ක්, කොම්පඤ්ඤවීදියෙන් 13ක්, නාරාහේන්පිට 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 46ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 31 වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර බන්ධනාගාර රැඳවුවන් 93 දෙනෙකු ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.

මහනුවර ආසාදිතයින් අතරින් 33ක් බෝගම්බර බන්ධනාගාරයෙන් ද, ගම්පහ ආසාදිතයින්ගෙන් 13 මීගමුව බන්ධනාගාරයෙන් ද, ගාල්ලේ ආසාදිතයින්ගෙන් 39ක් ගාල්ල බන්ධනාගාරයෙන් ද වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේ සෙසු ආසාදිතයින් මඩකලපුවෙන් 16ක්‍, කෑගල්ල 16ක්, මාතරින් 15ක්, අම්පාර 14ක්, කුරුණෑගල 12ක්, රත්නපුරයෙන් 8ක්, යාපනයෙන් 8ක්, මාතලේ 5ක්, අනුරාධපුරයෙන් 3ක්, නුවරඑළිය දෙකක් හා යාපනයෙන් එක් ආසාදිතයෙක් හමුවී තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 46,780 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 39,661 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6,900 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

පොලිසියේ 358 ක ට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 551 ක් – කොළඹ ආසාදිතයින් ගණන 17000 ඉක්මවයි

colombotoday

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday