Colombo Today Local News

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද(08)දින අලුයම අලුයම 1.00 ට පමණ ඇති වූ ආරවුලකදී 62 හැවිරිදි කාන්තාවක් සුඛෝපභෝගී මෝටර් රථයකින් යටකර මරණයට පත් කර ඥාති පුත්‍රයකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මියගිය කාන්තාවගේ 37 හැවිරිදි පුතු මතුගම ප්‍රදේශයේ තානායමක හිමිකරුවෙකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

එම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කරන අවස්ථාවේදී එම පුද්ගලයාගේ දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

සැකකරු පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය cbi-6295 ( සුදු පාට වැගන් ආර් වර්ගයේ)ය. ඒ පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718591701 මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථන අංකයට දන්වන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related posts

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

ජනපතිගේ නියෝජිතයෙක් සෞදි රජ පවුල හමුවේ – ගල්ගසා මැරීම සිරදඩුවමකට ලිහිල් කිරීමට පොරොන්දුවක්

colombotoday

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

colombotoday

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday