Colombo Today Local News

විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල 13ක් අත්අඩංගුවේ

බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ දි විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල පුද්ගලයින් 13 දෙනෙකු, කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්, ජංගම දුරකතන 02ක්, බැංකු කෙඩිටි කාඩ්පත් තොගයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය අලෙවි කර උපයාගත් රැපියල් 32,000 ක මුදලක් සමග අද (08)දින උදැසන අත්අඩංගුවට ගෙන ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි පුද්ගලයකු මෝටර් රථයෙන් එම හෙරොයින් මත්ද්‍රව්‍ය විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට බෙදා හැර ඇති අතර පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෝටර් රථය සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග මොහු පළමුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට ඔහුගෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගයන් 12 දෙනෙකුගේ තොරතුරු ලබා දුන් බව පොලිසිය පැවැසීය. ඒ අනුව ඔවුන්ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය කීය.

කාලයක් තිස්සේ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මෙලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට පොලිසිය සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පි.අමරතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම වැටලීම සිදු කළහ.

Related posts

පැය 8කට දවස් 5කට වැඩ සීමා වෙන්නෙ නැහැ – රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

Admin

නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන සියලු තොරතුරු ජනපති මහින්දටත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලටත් දුන්නා

colombotoday

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

colombotoday

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි… මන්ත්‍රීලා සභාගැබෙන් පිටවෙයි….

colombotoday

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin