Colombo Today Local News

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන කාර්ය මණ්ඩලවල පිරිස් තමන්ට කොවිඩ් ආසාදිත වීමෙන් දින දහයකට පසු කිසිඳු කොවිඩ් පරීක්ෂාවකින් තොරව සේවයට පැමිණිය යුතුබ වට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛයේ පිටපත් සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට යොමු කර තිබේ. එහිදී දින දහයකින් සේවයට වාර්තා කිරීමෙන් උණ හෝ වෙනත් රෝග ලක්ෂණ තිබේ නම් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිය යුතුය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති නව මාර්ගෝපදේශයට සෞඛ්‍ය වෘත්තීය සංගම් ඊයේ (7)දින විරෝධය පළ කළහ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසුවේ බිම් මට්ටමේ සේවය කරන තාක්ෂණික නිලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ නියෝජනයකින් තොරව ගන්නා ඇතැම් තීන්දු තීරණ නිසා ඉදිරියේදී දැඩි ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවයි.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ ඇති අයගේ පී.සී.ආර්. පරීක්ෂණ සීමා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍ර ලේඛනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.මෙම චක්‍ර ලේඛනයට අනුව ඉතාමත්ම අවම පිරිසක් පමණයි ප්‍රතිදේශ සහ වෙනත් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ.

ඒ අතර තුර ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරන්නේ බොහෝම අවම මට්ටමකින්.අපි කියන්නේ නෑ මහා පරිමාණ මට්ටමින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කළ යුතුයි කියලා.නමුත් මේ ආකාරයට යම් යම් සීමාවන් පැනවූ විට සමාජය තුළ සිටින ආසාධිතයන් හඳුනා ගැනීමට හැකියාවක් නැතිව යනවා.එවිට සිදු වන්නේ සමාජ අනාරක්ෂිත වීමයි.කෙසේ වෙතත් මෙම රෝගය සම්බන්ධයෙන් අප තවමත් නිසි අධ්‍යයනයක් කර නොමැති නිසා මේ ආකාරයට සීමා පැනවීම හේතුවෙන් ඉදිරියේදී කිසියම් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීමට අපට සිදු වන්න පුළුවන්.

කිසියම් සීමාවක් ඇතිව කළත් ඇන්ටිජන් පරීක්ෂණ සහ පී.සී.අර්.පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස අප අපගේ විරෝධය පළ කර සිටිනවා.

කොළඹ ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවිද්‍යාත්මකව මෙවැනි තීන්දු ගන්නා බවයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය නිතරම බලන් ඉන්නේ පරීක්ෂණ නොකිරීමටයි. විද්‍යාත්මක සත්‍යය වළ දානවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කුමන පදනමින් ද මෙම තීරණයට එළැඹුණේ යන්න ප්‍රශ්නයක්. දින දහයකින් ආසාදිතයන් සේවයට කැඳවා යම් ප්‍රමාණයකට පාලනය වෙමින් තියෙන වසංගතය නැවත පැතිරවීමේ වගකීම භාරගන්නේ කවුද? එම නිසා අවම තරමින් සේවයට වාර්තා කිරීමට පෙර ප්‍රතිදේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් හෝ සිදුකරන ලෙස මම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ” යැයි රවි කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

Related posts

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday

කොරෝනා මර්ධනය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකිනවා. – රනිල්ට සහ සජිත්ට අගමැති මහින්දගෙන් පිළිතුරු

colombotoday

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

colombotoday