Colombo Today Local NewsHot NewsUncategorized

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

original_5653130262c2f

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන ලෙස බලකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කිරීම සදහා “යළි පිබිදෙන හිරු දරුවෝ සංවිධානය” ඉලෙට්‍රොනික පෙත්සමක් සකස් කර ඇත. ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් මාතෘභූමියේ නිදහසත්, සෛවරීත්වයත්, ‍භෞමික අඛණ්ඩතායත් මතුවටත් තහවුරු කරනු පිණිස එම පෙත්සමට ඔබේ අත්සනත් තබන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී. අන්තර්ජාලය භාවිතා කරන සියළු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී. එම පෙත්සමේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.පහතින් දැක්වෙන සබැදිය හරහා අදාළ වෙබ් පිටුවට පිවිස ඔබේ අත්සනත් එහි සටහන් කල හැකිය.


තිස් වසරක අඳුරු යුගය ඉවර වෙලා වැඩි කාලයක් නෑ. 2009 කියන්නෙ අද ඊයෙ වගේ. අපිට ආයෙමත් එහෙම කාලයක් ඕනිද?දහස් ගානක ජීවිත කෝටි ගානක දෙපල අහිමි වෙලා බොහොම අමාරුවෙන් අපි ජාතියක් විදියට නැගිට්ට විතරයි.

ඊයෙ පෙරේද පැරීසියට එල්ල වෙච්ච අයි එස් අයි එස් ත්‍රස්ත ප්‍රහාරයෙන් මුලු ලෝකෙම තැති ගත්ත.පැරිස් ප්‍රහාරයත් මහ බැන්කුවට කොටි ත්‍රස්තයින් එල්ල කරපු ප්‍රහාරයත් අතර වෙනසක් තියෙනවද?නමුත් ලෝක ප්‍රජාව අපිට වෙච්ච දුක් ගැහැට ගැන ඇහැක් ඇරල බැලුවද?මොකද්ද වෙනස.තැන් දෙකේදිම මැරුනෙ මිනිස්සු නෙවෙයිද?

අවාසනාවකට ශ්‍රී ලංකාවෙ වර්තමාන තත්වය ගැන රට වැසියෙකු ලෙස ඔබ අප කාහටත් සතුටු වියහැකි අවස්තාවක් උද්ගතවී නොමැත.එක අතකින් රට වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුනු රණ විරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් අතඩංගුවට ගැනීම් සිදු කරන අතර තුර එල්ටීටී යට සම්බන්ද දරුණු අපරාධ සමබන්දයෙන් චෝදනා ලැබූ අය නිදහස් කරමින් පවතී.

ලොව වටා විසිරී සිටින ද්‍රවිඩ ප්‍රජාව කාලාන්තරයක් තිස්සේ එල්ටීටීයට මුදල් සපයමින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සාධාරනී කරමින් සිටි බව අප කවුරුත් දන්නා කරණකි. කුමන නමකින් පෙනී සිටියද ඔවුන්ගෙ එකම සිහිනය ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්ය්‍යක් නිර්මාණය කර ගැනීමයි. ලෝක ද්‍රවිඩ ප්‍රජාව යනු තමුන්ටම කියා රටක් නොමති ලොව විශාලතම ප්‍රජාව බව ඔබ මතක තබා ගත යුතුය.ඔවුන්ගෙ ඊලාම් සිහිනය තවමත් බොඳ වී නොමැත.

තත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා රජය විසින් පසුගිය දා තහනම් සංවිධාන 16 ලැයිස්තුවෙන් සංවිධාන 8 කම තහනම ඉවත් කරන ලදී.ඊට අමතරව තහනම් පුද්ගලයින් 269 දෙනෙකු තහනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.මෙම සංවිධාන සහ පුද්ගලයින් සියලු දෙනාට නුදුරු අනාගතයේදී මෙ රට තුල තමුන්ට රිසි සේ කටයුතු කරගෙන යාමට අවකාශ ලැබෙනු ඇත.

මෙ කරුණු සියල්ල සලකා බලා දේශප්‍රෙමියෙකු ලෙස අපත් සමග අත්වැල් බැඳගෙන රටේ ආරක්ෂාව අනතුරෙ හෙලන මෙම ක්‍රියාකාරකම් වහා නවත්වන ලෙස රටේ ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහාතාට බල කරන මෙමෙ පෙත්සමට අත්සන් තබන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.

පෙත්සමට අත්සන් තැබීම සදහා මෙතැනින් පිවිසෙන්න

lankaleadnews.com

Related posts

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday