Colombo Today Local News

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.

ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

මේ අතර ඉකුත් 6 වනදා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවේ තමා දික්කසාද වී නොමැති බවය.

Related posts

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

colombotoday

ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟයි.. ඒකාබද්ධයට දුන් පොරොන්දුව මෙන්න

colombotoday