Colombo Today Local NewsUncategorized

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

පසුගිය මැයි 20 වැනිදා ශී‍්‍ර ලංකා ජල තීරය තුළදී ගිනිගෙන මුහුදුබත් වී ඇති එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය කොළඹ වරාය මෙහෙයුම් කටයුතු භාර නිලධාරියාට හාබර් මාස්ටර් ඊයේ (07) නියෝග කළේය.

කොළඹ ට‍්‍රයිකෝ මැරිටයිම් පුද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ අංක 1 මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය. එම නෞකාව ගිනිගැනීමට ලක්වන විට තම සමාගම ඇණවුම් කළ භාණ්ඩ තොගයක් ද ප‍්‍රවාහනය කරමින් තිබූ බවත් ඒවා විනාශයට පත්වීමෙන් තම සමාගමට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හයක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් පෙත්සම්කාර සමාගම අධිකරණයට දන්වා තිබිණි. භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් සිටියදී එලෙස යම් අනතුරක් සිදුවූ අවස්ථාවකදී ඇණවුම් කළ භාණ්ඩවල වටිනාකම ගෙවීම නැව හිමි සමාගමේ හා දේශීය නියෝජිත ආයතනයේ වගකීමක් බවත් එලෙස අලාභය ගෙවීමට නිත්‍යනුකූලව බැඳී සිටියදීත් මෙතෙක් අදාළ වන්දිය ගෙවා නොමැති බැවින් එම නැව ඉවත් කර ගැනීම වළක්වන ලෙසත් පැමිණිලිකාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ඩෑග් මාලික ගුණසේකර මතා පෙනීසිටියේය.

Related posts

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය !

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday