Colombo Today Local News

බන්ධනාගාර රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙයි

බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මුලික අදියර වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 2067 දෙනෙකු සහ කාන්තා අංශ රැදවියන් 396 දෙනෙකු සඳහා කොරෝනා එන්නතෙ දෙවන මාත්‍රාව අද (08)දින ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

එසේම, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 964 දෙනෙකු සහ නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 694 දෙනකු, සඳහා හෙට (09) ලබාදීමටද තීරණය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රැඳවියන් සඳහා ද කොරොනා දෙවන එන්නත් මාත්‍රා ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

Related posts

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

එක් ඡන්දයක කල් දාලා කල් දාලා යන්තම් පෙබරවාරි මාසේ තියා ගත්තා….පළාත් සභා මැතිවරණය කවදා තියයිද මමවත් දන්නේ නෑ

colombotoday

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday