Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදුන් බව ය.

රාජපක්ෂ මහතා ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබිණි.

Related posts

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

colombotoday

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

කොටි ඩයස්පොරාවේ 13 දෙනාට සිර දඩුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ශේප කරයි

colombotoday