Colombo Today Local News

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම බලවේගය තුළින් රටේ අනාගතය අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවෙකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8)දින පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

සියලු ජාතීන්ගේ සමඟි සන්ධානය මගින් 28 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද කීවේය.

Related posts

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

මේක ඉවර කරලා අවුරුදු තුනක් වෙනවා. තාම කිසිම විකල්පයක් නෑ. හරියටම කහ ඉරේ අනතුරකුත් වුණා – පාසල් දරුවන්ගේ දෙමව්පියන්

Admin

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

බැඳුම්කර සිද්ධියට අදාල ආයතන කිසිවක් රවී යටතේ තිබී නෑ – කැකිල්ලේ තීන්දුවෙන් නඩු දැම්මත් රවී නිදහස් !

colombotoday