Colombo Today Local News

හිටපු ජනාධිපති ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශයෙන් කල දැනුම් දීම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නවාතැන්ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත ආරක්ෂක අංශ විසින් දැනුම්දී තිබේ.

පවතින ආරක්ෂක තත්ත්වය මත එම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග සිංගප්පූරු ගුවන් යානයකින් ඊයේ (12) රාත්‍රියේ තායිලන්තයට පැමිණ තිබුණි.

අදාළ ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට සැලසුම් කර තිබුණ ද හිටපු ජනාධිපතිවරයා එරට පැමිණීම පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් එම ගුවන් යානය බැංකොක්හි පිහිටි හමුදා ගුවන් තොටුපොළක් වෙත හරවා යවා ඇත.

ආක්ෂක හේතූන්මත ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳීසිටින හෝටලයේ නම හෙළිකර නොමැති අතර ඔහුගේ ආරක්ෂාව සඳහා එම හෝටලයේ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරින් යොදවා ඇති බව වාර්තා වේ.

දින 90ක කාලයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ රැඳීසිටිමට නියමිත අතර පසුව ලබන නොවැම්බර් මාසයේ ඔහු මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Related posts

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

Admin

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin