Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවේ – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ඔහු මුහුණ දෙමින් සිටින තත්වය සම්බන්දයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට තිබේ.එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ රාජ්‍ය මැදිහත්වීමක් තුලින් හිටපු ජනාධිපතිවරයා පුර්ණ ආරක්ෂාවක් යටතේ නැවත ශ්‍රීලංකාවට ගෙන්වා ගතයුතු බවයි.ඒ සදහා ජනාධිපති තුමන්ගේ පුර්ණ අවධානය යොමුකළ යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වේ.

මේ ඒ සම්බන්දයෙන් නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

පසුගිය ජුලි 09 වැනිදා මෙරටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට තායිලන්තයේ රැකවරණය ලබමින් සිටින බවත් එතුමන්ට එහිද රැදී සිටීමට අවසර ඇත්තේ දින 90ක කාලයක් සදහා පමණක් බවත් ජාත්‍යන්තර හා දේශීය මාධ්‍ය වාර්තාකොට තිබුණි.හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු වන බැවින් 2013 දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව දින 90 ක කාලයක් ඔහුට වීසා නොමැතිව තායිලන්තයට ඇතුලුවිය හැකි බව ද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තනී සංගරත් මහතා තහවුරුකොට ඇත.මේ සිදුවීම දෙස දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.මුලින්ම ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් යානයකින් ආරක්ෂක රැකවරණය යටතේ සිංගප්පුරුවට ගිය හිටපු ජනාධිපතිවරයා එහි රැදී සිටීමට තිබු විසා කාලය අවසන්වීමත් සමග තායිලන්තය වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයට වඩා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහජනතාව හොදින් හදුනාගෙන සිටියේය.වසර 30කට අධික කාලයක් ශ්‍රීලාංකික දේහය වසාගෙන පැවැති කොටි ත්‍රස්තවාදී ඊලාම් යුද්ධය අවසන් කිරීම සදහා ඔහු විසින් ලබාදුන් පරිපාලන නායකත්වය සේම ඒ මොහොතේ විදෙස් රටවලින් එල්ල වූ බලපෑම් නොතකා මානුෂිය මෙහෙයුම ඉදිරියටම ගෙනගොස් ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම කෙරෙහි ලාංකීය ජනයා ඔහු කෙරෙහි සුවිසාල ගෞරවයක් දැක්විය. කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.එහි අග්‍ර ප්‍රථිපලය වුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 69ක් ලබාගැනීමයි එය තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද ලක්ෂ 14ක පරතරයක් සහිත ජයග්‍රහණයකි.කෙසේ නමුත් ඔහු ජනාධිපතිවරයෙකු ලෙස අසාර්ථක වුයේය.ඊට ඔහු ගත් කාලෝචිත නොවන තීන්දු සේම ඔහු වටා සිටී අවස්ථාවාදී දේශපාලන හා නිලධාරි වළල්ල තදින් බලපෑවේය.

කොරෝනා වසංගතය සම්බන්දයෙන් එන්නත්කරණය ඔහු සාර්ථකව සිදුකලත් අනෙකුත් සියළු පරිපාලන තීන්දු ඔහුගේ අසමත්භාවයට හේතුවිය.ඔහු සතුව නොතිබූ දේශපාලන පරිචය නිසා දේශපාලන තීන්දු ගැනීමේදී ඔහු ක්‍රියාකළේ අන්දමන්ද වූ ස්වභාවයකින් බව අපි සියල්ලෝම දන්නෙමු.රාජ්‍ය නිලධාරින් සේම ඔහුගේ ඇමති මණ්ඩලයේ සමහරුන්ද ක්‍රියාකළේ ඔහුගේ ප්‍රතිපත්තිය දිනවිමෙට නොව එය පරාජය කිරීමේ දියාරු ප්‍රතිපත්තියක සිටය.අවසානයේ ඔහු මහා ප්‍රතිරූපයක් ලෙස සමාජය මත ඔසවා තැබූ මාධ්‍යද ඔහුට වටකර පහර දෙන තැනකට ගමන් කළේය.සියල්ල අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහා පර්වතයක්ව සිට අයිස් කන්දක් බවට පත්ව බලය දියවී තනතුරින් පලාගියේය.ඔහු කිසිවිටකත් අරගලයට වෙඩි තැබීමට නියෝග නොදුන්නේය.අරගලකරුවන්ගේ ජිවිත උදුරා නොගත්තේය අපි ඔහුට ඒ වෙනුවෙන් ගරුකළ යුතුය. මැයි 09 වැනිදා සිදුවීම පවා ඔහුගේ දැඩි අකමැත්ත මත සිදුවූ ම්ලේච්ච සිදුවීමක් බව පසුව මාධ්‍ය වාර්තාකොට තිබුණි.එකී සිදුවීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නුගත් දේශපාලන රෙජීමය ඍජුව වගකිව යුතුය.

” නහී වේරේන වේරානි – සම්මන්ති‘ධ කුදාචනං

අවේරේන ච සම්මන්තී – ඒස ධම්මෝ සනන්තනෝ “

බුදුන් වහන්සේ වදාළ මෙකි බෞද්ධ ගාථාවට අනුව ජිවත් වන රට වැසියන් බහුතරයක් වෙසෙන අප සමාජය ගෝඨාභය සාධකය දෙසද එසේ බැලිය යුතු යැයි මම යෝජනා කරමි.ඒ මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම නිසාය.දැන් ඔහු බලයෙන් පහකරන ලද අසාර්ථක පාලකයෙකි.අපි ඔහු කෙරෙහි තව දුරටත් වෛරයෙන් බැලිය යුතුද? ඔහු සමග පැවති දේශපාලන අරගලය අවසන් කල යුතු නැද්ද ? මා සිතන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු තවදුරටත් ශ්‍රීලංකාව තුල වලංගු සහ මාර්කට් කල හැකි දේශපාලන චරිතයක් නොවේ.එබැවින් ඔහුට තම උපන් භූමියට පැමිණීමට ඉඩදිය යුතුය.එය රටේ පුරවැසියෙකු ලෙස ඔහුට ඇති අයිතියකි.

බටහිර සහ යුරෝපිය රටවල සේම ඕනෑම රටකදී ඔහුට අන්තවාදී හෝ බෙදුම්වාදී ප්‍රහාරයක් එල්ලවිය හැකි ඉතිහාසයක් ඔහු සතුව තිබීම ඊට හේතුවයි.කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ලයිස්තුවේ ඉහලින්ම සිටි පුද්ගලයෙකු ලෙස ඔහුට එකී අවදානම නොතිබෙන බව කිසිවෙක්ට කිව නොහැක.පසුගියදා ලොව ප්‍රකට ලේඛකයෙකු වූ සලමන් රුෂ්ඩි (Salman Rushdie) වෙත එල්ල වූ අන්තවාදී ප්‍රහාරය මීට උදාහරණය ලෙස අපට පෙන්වාදිය හැකිය.ඒ අනුව මගේ යෝජනාව නම් රාජ්‍ය ආරක්ෂාව යටතේ හිටපු ජනපතිවරයා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යවරයාත් අදාළ බලධාරිනුත් කටයුතු කලයුතු බවයි. හිටපු ජනාධිපතිවරයා කෙරෙහි බටහිර මාධ්‍ය සේම ජාත්‍යන්තර සංවිධානයද මීට කාලයකට පෙර සිට යුධ අපරාධ චෝදනා විවිධ මට්ටම්වලින් එල්ල කරමින් සිටි.ඒ අනුව කුමන තත්වයක් යටතේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වශයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුව හොත් එය රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන බයානක තත්වයකි.

88/89 කැරැල්ලෙන් පසුව ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයටද මෙවැනි රාජ්‍ය ආරක්ෂාවක් ලබාදීමට එවක රජය කටයුතු කළේය.එවැනි පිළිවෙතක් හිටපු ජනාධිපතිවරයා සම්බන්දයෙන්ද අනුගමනය කිරීමට වර්තමාන ආණ්ඩුවට බාදාවක් නැත. එය ඉතා කඩිනමින් ඉටුකරනු ඇතැයි අපි බලාපොරොතු වන්නෙමු. එසේ රටට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුට එරෙහි චෝදනා තිබේ නම් රටේ පවතින නීති රීති අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවතින ආණ්ඩුවට හෝ පුරවැසියන්ට අයිතියක් ඇත.අනාගතයේ පත්වන ඕනෑම ආණ්ඩුවකට එසේ කිරීමට බාදාවක් නැත.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

හිටපු ආණ්ඩුකාර මධ්‍යම සහ ඌව

Related posts

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday

නත්තල්ට පාසල් වැසෙන හැටි මෙන්න

colombotoday

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin