World

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අද (15)දින නවදිල්ලියේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණි.

නරේන්ද්‍ර සිං මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නව වන නිදහස් සැමරුම මෙය ලෙස සැළකේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින පීඨිකාවක සිට අද ජාතිය ඇමතුවේය.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ප්‍රකාශ කර සිටියේ ගෝලීය වසංගතයේදී ඉන්දීය විද්‍යාඥයින් ඉන්දියාව වෙනත් කිසිඳු රටක් හෝ කිසිවෙකු මත යැපීම වළක්වා ඇති බවයි.

තවද කෝටි 54ක් වූ ජනතාවට එන්නත්කරණය සිදු කරමින් ඉන්දියාව ලොව විශාලම කොරෝනා එන්නත්කරණය සිදු කළ බවද ඔහු සඳහන් කළේ ය.

මෙහිදී ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සම්මාන පිරිනැමීම සිදු කරන ලදී.

Related posts

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday