Colombo Today Local News

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ‘වාපා‘ නමින් රූපවාහීනි නාලිකාවක් ‘පසුගියදා ආරම්භ කළේය.

මෙරට රජයේ විශ්ව විද්‍යාලයකින් පළමු වරට ආරම්භ කළ රූපවාහිනී නාලිකාව ලෙස මෙය හැදින්විය හැකිය.

මෙම නාලිකාව මගින් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි කටයුතු කරන සියලු දෙනාට සිය නිර්මාණ , පර්යේෂණ , නවෝත්පාදන ආදිය ජනගත කිරීමේ හැකියාව පවතින බව එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

‘වාපා‘ රූපවාහිනි ලෙස නම් කර ඇති මෙම නාලිකාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යටතේ විකාශන කටයුතු ආරම්භ කරන බව එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

පියෝ ටීවී නාලිකා අංක 123 ඔස්සේ ‘වාපා‘ රූපවාහිනී නාලිකාව නැරඹීමට හැකිය.

මෙම නාලිකාවේ විකාශන කටයුතු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය රෝහණ පී මහලියනආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday