Colombo Today Local News

පුෂ්පිකාගේ කිරුළ යලිත් ගැලවෙයි.. රෝසිත් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබේ.

ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළඳූවේ 2021 වසරේ අප්‍රේල් මස 4 වැනි දිනදායි.

එම අවස්ථාවේදීත් කිරුළ සම්බන්ධයෙන් බරපතල අර්බුදකාරී තත්වයක් ගොඩනැගුනු අතර එහිදී මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් පසුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි හට එම කිරුළ අත්හැරීමට පවා සිදුවුණි.

ඉන් පසුව ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ පුෂ්පිකා ද සිල්වා එම තරගාවලියේ අවසන් තරගකාරිනියන් 6 දෙනා අතරට පැමිණෙන්නට සමත් විය.

එම තරගයේ ජයග්‍රහණය හිමිවූයේ ඇමරිකාව නියෝජනය කරමින් ඒ සඳහා එක් වූ ඇමරිකානු විවාහක රූ රැජිණටයි.

කෙසේවෙතත් ඉන් පසුව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් නිකුත් කළ පුෂ්පිකා ද සිල්වා තමන් එම තරගයෙන් සිව්වන ස්ථානය දිනාගත් බව සඳහන් කරමින් තවත් අර්බුදයකට මුල පිරවිය.

ඉන් පසුව දිගින් දිගටම සමාජ මාධ්‍යය සහ විවිධ මාධ්‍ය හරහා විවිධ චෝදනා ගොනු කරමින් කියාසිටියේ ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිය ඇයගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු එක්ව කුමන්ත්‍රණකාරී ලෙස වළකාලූ බවයි.

යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පුෂ්පිකා ද සිල්වා මෙරට පළමු ලෝක විවාහක රූ රැජිණ වන රෝසි සේනානායකට චෝදනා කළ අතර පසුව රෝසි සේනානායක එම චෝදනාවන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩුකරයක් ද ගොනුකර තිබේ.

Related posts

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday