Colombo Today Local News

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙසයි මෙම ප්‍රදානය සිදුකර ඇත.

එය සංකේතාත්මකව අද (08) පෙරවරුවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී බාර දුනි.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත්ය.

එහි වටිනාකම රුපියල් මිලියන 700කි.

Related posts

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

අලි සබ්‍රි හොද නීතිඥයකු වුවත් ඔහු දන්නා වෙදකමක් නැත. | තම ප‍්‍රජාව චූන් කිරීමට ශීතාගාර ගෙනවිත් ලැබුණු ජනවරමට නිගා දියයුතු නැත.

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

colombotoday