Colombo Today Local NewsHot News

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

sailanil54541

සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියා ලෙස සදහන් වන ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තාගේ මස්සිනා බව කියන තාජුඩීන් තස්කීර් අහම්ඩ් නමැත්තා මේ වනතුරුත් ISIS ත්‍රස්තවාදීන් සමග ක්‍රියාකාරීව සිටින අතර ත්‍රස්තයන් සමග සිටින ඡායාරූපයක් ජූලි මස 8 වනදා (Abu Dhujaana Seylani) නමින් පවතින ෆේස්බුක් ගිණුමේ ඵලකර ඇත.

තම සොයුරියගේ සැමියා වන, ගලේවෙල පදිංචිව සිටි ෂෆ්රාස් මුෂීන් නමැත්තා සිරියාවේදී මියගිය බවට මුල්වර හෙළිකර තිබුණේද තාජුඩීන් තස්කීර් අහමඩ් හෙවත් අබු දුජානා සෙයිලානි නමින් හැදින්වෙන මෙම පුද්ගලයායි.

මීට පෙරද මෙම පුද්ගලයා ගැන මාධ්‍ය වාර්තා පලවී තිබුණු අතර ඉන් අනතුරුව ඔහු විසින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් අක්‍රීයකර තිබිණි. නැවත වරක් ඔහු ෆේස්බුක් හරහා සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ISIS ත්‍රස්තයන් සමග සිටින ඡායාරූපයක් නිකුත් කර ඇත්තේ මුල්වරටයි.

Abu dujana seilani
තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) සිරියාවේදි අයි එස් ත්‍රස්තයන් සමග – මෙම ඡායාරූපය ජූලි 8 වනදා නිකුත් කර තිබිණි

අයි එස් ත්‍රස්තයන් සිය මතවාද ප්‍රචලිත කිරීම සහ සාමාජිකයන් එකතු කිරීම සදහා සමාජ ජාලා බහුලවම භාවිත කරන අතර පසුගිය අවස්ථාව කිහිපයකදී ඉන්දීය බුද්ධිඅංශ හෙළිකරගත් ඉන්දියානු අයි එස් සාමාජිකයන්ද ඔවුන් හා සම්බන්ධ වී තිබුණේ සමාජ ජාල හරහාය. අබු සෙයිලානිගේ ගිණුම හරහාද බොහෝ මුස්ලිම් පිරිසක් සම්බන්ධ වී සිටන බවට නිරීක්ෂණය වී ඇත.

thajudeen taskir
තජුඩීන් තස්කිර් අහමඩ් – ඡායාරූපය රිවිර

ඉස්ලාමීය අන්තවාදය පිළිබදව ශ්‍රී ලංකා රජය සහ බුද්ධි අංශ තවමත් මර නින්දේ පසුවුවද මෙරට තුළ ISIS සාමාජිකයන් බදවා ගැනීම් සිදුවන බවට සහ ඉස්ලාමීය අන්තවාදය බරපතල ලෙස හිස ඔසවන බවට විදේශීය බුද්ධි සේවා මගින් අනාවරණය කර තිබිණි. පසුගියදා සිදුවූ බංග්ලාදේශ ප්‍රහාරයෙන් පසු අයි එස් ත්‍රස්තයන් ගැන රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවට ප්‍රකාශ කළද මෙරට ISIS ක්‍රියාකාරකම් විමර්ශණය කිරීම සදහා බාර දී ඇත්තේ ද ඉස්ලාම් භක්තික බුද්ධි අංශ ප්‍රධානියෙකුට බව අභ්‍යන්තර තොරතුරු මාර්ග වලින් අප වෙත වාර්තා වී තිබේ.

ලංකාවේ සලාෆි ආගමික පුහුණුව ලබා අයි එස් ත්‍රස්තයන්ට එකතු වූ කේරළ යුවලක් පිළිදව ඉන්දීය බුද්ධි අංශ පසුගිය සතියේ හෙළිදරව් කර තිබිණ. එහෙමත් මෙරට පොලීසිය, බුද්ධි අංශ ඒ පිළිබදව අගක් මුලක් දැන සිටියේ නැත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ඊයේ ප්‍රකාශ කරේ මෙරට අයි එස් ත්‍රස්තයන් පිළිබදව තමන්ට වාර්තා වී නොමැති බවයි. නීතිය හා සාමය පිළිබද ඇමතිවරයාද ඉකුත් දා පාර්ලිමේන්තුවේදී එවැනිම ප්‍රකාශක් කර තිබිණි. විදේශීය බුද්ධි අංශ මෙරට ISIS ක්‍රියාකාරකම් පිළිබදව හෙළිකරද්දීත්, ශ්‍රී ලංකාවේ සිරියාවට ගිය මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තන් සමග සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරද්දීත් ශ්‍රී ලංකා රජය සහ, ආරක්ෂක අංශ ඒ පිළිබදව අගක් මුළක් නොදැන සිටීම ගැන දැන් පුදුම් වන්නට දෙයක් නැත. ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ඉස්ලාමීය ත්‍රස්තයන් මර්ධනය කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අසමිනි!

 

Related posts

හෙරොයින් කිලෝ 3ක් සමග පෙදරේරුවෙක් අල්ලයි

colombotoday

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

colombotoday

හාල්මැස්‌සන් පමණක්‌ නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස්‌ ඉල්ලුවොත් 1954ට දන්වන්න

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday